Home උණුසුම් පුවත් ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත දීම මුළුමනින්ම නවතා දමයි

ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත දීම මුළුමනින්ම නවතා දමයි

ඩෙන්මාර්කය  ඇස්ට්‍රාසෙනෙකා එන්නත දීම මුළුමනින්ම නවතා දමයි

ඉතා දුර්ලභ රුධිර කැටි ගැසීම් සිද්ධි වාර්තා වීමෙන් පසුව, කොවිඩ්-19 මර්දනයට ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත සම්පූර්ණයෙන්ම අත්හිටවූ පළමු යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්වෙයි.

ඩෙන්මාර්කයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිරීම ඉවත් කිරීමට ගත් මෙම තීරණය හේතුවෙන් සෞඛ්‍ය ආයතන විසින් මීට පෙර කරන ලද ප්‍රකාශ මත පදනම්ව එන්නත් කිරීමේ වැඩපිළිවෙළ යළි ආරම්භ කිරීමට සති හතරක් දක්වා ප්‍රමාද විය හැකිය.

මෙම එන්නත දිගටම භාවිතා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපීය ඖෂධ නියාමක නිර්දේශ තිබියදීත්, “ඩෙන්මාර්කයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය ඇස්ට්‍රාසෙනෙකා එන්නත නොමැතිව ඉදිරියට යනු ඇත” යනුවෙන් ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරියේ අධ්‍යක්ෂ සෝරෙන් බ්‍රොස්ට්‍රෝම් මාධ්‍ය හමුවකදී පැවසීය.

ඩෙන්මාර්කය එන්නත් කිරීමේ වැඩසටහන සඳහා නව කාල රාමුවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමෙන් පසු මාර්තු 11 වන දින එන්නත තාවකාලිකව අත්හිටවූ පළමු රටවල් අතර ඩෙන්මාර්කය ද විය.

එවකට ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරිය මෙම තීරණය පූර්වාරක්ෂක පියවරක් ලෙස හැඳින්වූ අතර ඇස්ට්‍රා එන්නත “ඵලදායී හා ආරක්ෂිත” බවට වූ මතය නැවත අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here