Home උණුසුම් පුවත් ජනපති ගියොත් සජිත් සූදානම් – ශ්‍රීලනිප සහයත් ලැබෙයි

ජනපති ගියොත් සජිත් සූදානම් – ශ්‍රීලනිප සහයත් ලැබෙයි

ජනපති ගියොත් සජිත් සූදානම් – ශ්‍රීලනිප සහයත් ලැබෙයි

ගෝඨාභය රාප්පක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වුවහොත් පමණක්, සජිත් ප්‍රේමදාස අන්තර්වාර ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මේ අතර අගමැති ධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

පක්ෂ එකොළහේ සාමාජිකයන් සමඟ ද මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව කීය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මුලින් අගමැතිවරයා පත් කර ගෙන ඊළඟට ජනාධිපතිවරයාට ඉවත් වීමට ඉල්ලීමක් කළ හැකි නමුත් මේ මොහොතේ ජනාධිපතිවරයා ඉල්ලා අස් නොවිය යුතු බවයි.

එවිට ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් නොමැතිව රට අරාජික තත්වයට පත්වන බව පත්වන බව හෙතෙම අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here