Home උණුසුම් පුවත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අවුරුදු සමරන්නැයි ජනපති කියයි

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අවුරුදු සමරන්නැයි ජනපති කියයි

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අවුරුදු   සමරන්නැයි ජනපති කියයි

පසුගිය වසරේ අවුරුදු සැමරුම්වලට පැවති අයහපත් සෞඛ්‍ය පසුබිමෙන් බාධා ඇතිවුවද, මෙවර සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව සහ පුරාණ චාරිත්‍රානුකූලව අලුත් අවුරුදු සැමරීමේ අවස්ථාව අප ගොඩනගාගෙන තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සමස්ත ජනතාව සියලු භේද අමතක කොට නැවුම් බලාපොරොත්තු සමග අධිෂ්ඨානශීලීව, සෞම්‍ය හා දැහැමි සිතිවිලි වලින් සිත් සතන් පුරවාගෙන සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර සමග එක්වනු දැකීම තම අපේක්ෂාව බව හෙතෙම කියා සිටී.

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා ! යනුවෙන් ජනාධිපතිවරයා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නව අවුරුදු සුබ පැතුම් එක්කරමින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here