Home උණුසුම් පුවත් සාපෙළ විභාගයට සියල්ල සූදානම්

සාපෙළ විභාගයට සියල්ල සූදානම්

සාපෙළ විභාගයට සියල්ල සූදානම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ලබන 12 වනදාට පෙර විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වනදා සිට ජුනි 1 වනදා දක්වා පැවැත්වේ.

ඊට අදාළව පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් විදුහල්පතිවරුන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අයදුම්පතෙහි සඳහන් ලිපියනට යොමුකර තිබේ.

ප්‍රවේශ පත්‍රයෙහි ඉල්ලුම්කර ඇති විෂයන්හි, මාධ්‍යයෙහි සහ නමෙහි යම් වෙනසක් ඇතොත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස එම සංශෝධන මාර්ගගතව සිදුකර ගැනීම සඳහා ලබන 14 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව පාසල් අයදුම්කරුවන් තම විදුහල්පති මගින්ද පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම ද අදාළ සංශෝධන සිදුකළ යුතුයි.

විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here