Home උණුසුම් පුවත් ඩොලර් නැතත් හිඟ නොවෙන්න SPMC වෙතින් තවත් ඖෂධයක් වෙළෙඳපොළට

ඩොලර් නැතත් හිඟ නොවෙන්න SPMC වෙතින් තවත් ඖෂධයක් වෙළෙඳපොළට

ඩොලර් නැතත් හිඟ නොවෙන්න SPMC වෙතින් තවත් ඖෂධයක් වෙළෙඳපොළට

තයිරොයිඩ ග්‍රන්ථි රෝගාබාධ සඳහා සුලභව භාවිත කරන ලිවොතයිරෝක්සින් 50ug ඖෂධය මෙරට නිෂ්පාදනයක් ලෙස සති 4කින් පෞද්ගලික අංශයේ ඔසුසැල් සඳහා නිකුත්කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පවසයි.

ලිවොතයිරෝක්සින් (LEVOTHYROXINE 50ug) ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදනයක් ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයට ලබා දී ඇත.

ඇසුරුම්ගත පෙති ලෙස (blister pack) ඖෂධය ලබාදීම විශේෂ ලක්ෂණයකි.

මෙතෙක් කලක් රජයේ රෝහල් සඳහා ලිවොතයිරෝක්සින් තොග ලෙස ආනයනය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here