Home උණුසුම් පුවත් කම්කරු දිනයදා එජාපය ගාලුමුවදොර කරන්න යන දේ..

කම්කරු දිනයදා එජාපය ගාලුමුවදොර කරන්න යන දේ..

කම්කරු දිනයදා එජාපය ගාලුමුවදොර කරන්න යන දේ..

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව සමරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එහි මහලේකම්, පාලිත රංගේ බණ්ඩාර මහතා පවසන්නේ මෙය ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු අවස්ථාවක් මිස මෙය දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන බැවින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 01 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

ගෝඨා ගෝ ගම තරුණ අරගලය දේශපාලන පක්ෂයකට වෙන් වූ අරගලයක් නොවන හෙයින් එජාප නායකයින් ඊට සහභාගී නොවන බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here