Home උණුසුම් පුවත් පකිස්තානයේ දේශපාලන වෙනස්වීම් ගැන චීනයේ ප්‍රතිචාරය

පකිස්තානයේ දේශපාලන වෙනස්වීම් ගැන චීනයේ ප්‍රතිචාරය

පකිස්තානයේ දේශපාලන වෙනස්වීම් ගැන චීනයේ ප්‍රතිචාරය

 
දේශපාලන තත්ත්වය කුමන ආකාරයෙන් වෙනස් වුවත් තම රට පකිස්තානය කෙරෙහි දක්වන මිත්‍රශීලී ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නොවන බව චීනය අවධාරණය කරයි.

ඊයේ (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී,  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලීජියැං මහතා මේ බව ප්‍රකාශ කළේය.

චීනය, පකිස්තානයේ  අසල්වැසි රටක් මෙන්ම සමීප මිතුරෙකි. එරටේ සියලු පාර්ශ්ව සමග සමගිය රැකගනිමින් රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සහතික කිරීමට චීනය අපේක්ෂා කරන බව හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here