Home උණුසුම් පුවත් සජිත් අත්සන තියයි

සජිත් අත්සන තියයි

සජිත් අත්සන තියයි

සමගි ජන බලවේගය විසින් ගෙනඑනු ලබන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) සිය මන්ත්‍රී කණ්ඩායම සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී අත්සන් කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව මහපාරේ අරගල කරන ජනතාවගේ හදගැස්ම සමග සමගි ජන බලවේගය එකට හිටගන්න ආ බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දී ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණය ලබා ගැනීම උදෙසා කටයුතු කරන බව කියාසිටී.

විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අමතරව 20 වෙනි සංශෝධනය ආපසු හරවා 19 වැනි සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ග හරහා සියලු ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් ද අරගල කිරීම තිරසාර ම සිදුකරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here