Home උණුසුම් පුවත් කළුකඩ තෙල් මුදලාලිලා අල්ලන වැටලීම්වලින් ලීටර් 20,000ක් අත්අඩංගුවට

කළුකඩ තෙල් මුදලාලිලා අල්ලන වැටලීම්වලින් ලීටර් 20,000ක් අත්අඩංගුවට

කළුකඩ තෙල් මුදලාලිලා අල්ලන වැටලීම්වලින් ලීටර් 20,000ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් 135ක් මේ දක්වා සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, බලපත්‍ර නොමැතිව ඉන්ධන අලෙවි කරන්නන්ගෙන් ඩීසල් ලීටර් 10,115 ක්, පෙට්‍රල් ලීටර් 5,690 ක් සහ භූමිතෙල් ලීටර් 5,620 ක් අත්අඩංගුවට ගත් බවයි.

වැටලීම්වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කියාසිටී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ බලපත්‍රලාභී අලෙවිකරුවන්ගෙන් ඉන්ධන මිලදී ගැනීමට වග බලා ගන්නා ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here