Home උණුසුම් පුවත් පැයක් වැඩි කළාට ගුරු -විදුහල්පති විරෝධයක්

පැයක් වැඩි කළාට ගුරු -විදුහල්පති විරෝධයක්

පැයක් වැඩි කළාට ගුරු -විදුහල්පති විරෝධයක්

ඉදිරි පාසල් වාරයේ සිට පාසැල් කාලය පැයකින් දීර්ඝ කිරීම අධ්‍යාපන ලේකම්වරයා ගෙන ඇති හිතුවක්කාරී තීරණයට විරෝධය දක්වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

රට තුළ තෙල් විදුලිය ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩද ප්‍රවාහන පහසුකම් ද නොමැති තත්ත්වයක් තුළ හා බරපතළ ආහාර හිඟයක් මතුව තිබෙන තත්ත්වයක් තුළ අධ්‍යාපන ලේකම්වරයා ගෙන ඇති තීන්දුව හෙළා දකින බව ද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තිය සමිති නියෝජිතයින්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

ඉතිහාසය පුරා අනේ සම්බන්ධව ගුරුවරුන් හා විදුහල්පතිවරුන් රාජ්‍ය සේවය තුළ රැයක් දවාලක් නොතකා කිසිදු අතිකාල දීමනාවක් නොලබා වගකීමෙන් කටයුතු කර තිබෙන බව ද එහි සඳහන් වේ.

එම නිසා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 02.30 දක්වා දීර්ඝ කිරීමෙන් බහුතරයක් සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද අපහසුතාවකට පත් වීමට සිදු වනු ඇති බව ද ගුරු විදුහල්පති සමිති සන්ධානය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here