Home දේශීය පුවත් වහලෙන් වැටී ඉන්දියානුවා මිය යයි

වහලෙන් වැටී ඉන්දියානුවා මිය යයි

0

කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදියේ නිවසක තාවකාලිකව පදිංචිව සිටින ඉන්දියානුු ජාතික තරුණයෙක් වහලයකින් ඇද වැටී මිය ගොස් තිබේ.

විසි දෙහැවරදි එම ඉන්දියානු ජාතිකයා වහලය අලුත වැඩියාවක් කරමින් සිටියදී මෙසේ ඇද වැටී ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලීසිය සඳහන් කළේය.

වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඔහු නවාතැන් ගෙන සිටින නිවසේ වහලය මතින් නිවස තුළට ජලය කාන්දු වීමට පටන්ගෙන ඇති බැවින් එය සකස් කිරීමට එම තරුණයා වහලයට ගොඩවී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

කොම්පඤ්ඤවීදියේ පිහිටි වැඩ බිමක සේවය සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතිකයෙක් බව පොලීසිය සඳහන් කළේය.

මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here