Home උණුසුම් පුවත් කැබිනට් එකෙන් ඉල්ලා අස්වුණත් ඇමති පහසුකම්‌ තවමත්‌

කැබිනට් එකෙන් ඉල්ලා අස්වුණත් ඇමති පහසුකම්‌ තවමත්‌

කැබිනට් එකෙන් ඉල්ලා අස්වුණත් ඇමති පහසුකම්‌ තවමත්‌

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුවද හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස, වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව හිටපු ඇමතිවරුන්ට තවමත් ඇමති ආරක්ෂකයින්ගේ රැකවරණය ලබාදෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ඇමතිවරුන්ට කොළඹ කැප්පෙටිපොල මාවතේ සහ ටොරින්ටන් පෙදෙසේ පහසුකම් සහිත නිල නිවාස හිමි අතර හිටපු කැබිනට් ඇමතිවරු තවමත් ඒවායේ වාසය කරන බවද පැවසේ.

කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පමණක් හිමිව සිටින මන්ත්‍රීවරුන් එම නිවාසවලින් ඉවත්ව මන්ත්‍රීවරුන්ට හිමි නිවාසවල පදිංචියට යා යුතු නමුත් කිසිදු ඇමතිවරයෙක් එලෙස නිවාස මාරු කර නැතැයිද එම ආරංචි මාර්ග කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල පිහිටා ඇති අතර එම නිවාසවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පදිංචිව සිටිති.

හිටපු ඇමතිවරුන් තවමත් ආරක්ෂක රථ සහ ඇමති ආරක්ෂකයින් පිරිවරාගෙන වෙනත් ගමන් බිමන්වල යෙදෙන බවද වාර්තා වේ.

රටේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය හේතුවෙන් ඉකුත් තුන්වැනි දින රාත්‍රියේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here