fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙහෙත් තුණ්ඩු ඔසුසල්වල පෝලිමේ

    බෙහෙත් තුණ්ඩු ඔසුසල්වල පෝලිමේ

    බෙහෙත් තුණ්ඩු ඔසුසල්වල පෝලිමේ

    රට පුරා සියලු ඔසුසල්වල දින ගණනාවක් තිස්සේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල දැඩි හිඟයක් පවතින බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.

    ඇතැම් ඔසුසල්වල පැරසිටමෝල් පවා නොමැති බවට බෙහෙත් තුණ්ඩුවක් ඉදිරිපත් කළ පසුව ඔසුසල්වලින් ලබාගත හැක්කේ ඖෂධ වට්ටෝරුවේ ඇති බෙහෙත් වර්ග එකක් හෝ දෙකක් පමණක් බවද පාරිභෝගිකයෝ පවසති.

    මේ පිළිබඳ කළ විමසුමක දී කොළඹ නගර ශාලාවේ පිහිටි ප්‍රධාන ප්‍රකාශකයකු සඳහන් කළේ ඖෂධවලට අමතරව වෛද්‍ය උපකරණවල ද දැඩි හිඟයක් පවතින බව ය.

    මිල අධික ඇතැම් වෛද්‍ය උපකරණ පසුව ආනයනය කර දීමේ පදනම මත රෝගීන්ගෙන් ඖෂධ තුණ්ඩු ලබාගන්නා බවද එම නිසා ඔසුසැල් සහ රෝගීන් යන දෙපාර්ශ්වයම දැඩි අපහසුතාවයකට පත්වන බවද ඔහු කීවේය.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.