Home දේශීය පුවත් උණුසුම් පුවත් 18 පිරුණු සැණින් ඡන්දෙ දෙන්න පුළුවන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

18 පිරුණු සැණින් ඡන්දෙ දෙන්න පුළුවන් කෙටුම්පත පාර්ලිමේන්තුවට

18 පිරුණු සැණින් ඡන්දෙ දෙන්න පුළුවන්  කෙටුම්පත පාර්ලිමේන්තුවට

අංජනා මල්ලවආරච්චි

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් ඡන්දය ප්‍රකාශ කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙමින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත නම් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

නව පනත් කෙටුම්පත නීති ගත වුවහොත් සෑම වසරකම තරුණ ඡන්ද ලක්ෂයක් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීය.

නව පනත් කෙටුම්පතට අනුව සෑම වසරකම සකස් කරන ඡන්ද ලැයිස්තුවට අමතරව එම වසරේ පෙබරවාරි මස 01 වැනිදා සිට මැයි මස 31 වෙනිදා දක්වාත්, ජුනි මස 01 වෙනි දින සිට සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා සහ ඔක්තෝබර් මස 01 වැනි දින සිට ජනවාරි මස 31 වැනිදා දක්වා ආදි වශයෙන් පරිපූරක ඡන්ද ලැයිස්තු 3ක් සකස් කිරීමට නියමිතය.

ඒ අනුව මාස 4න් 4ට පරිපූරක ඡන්ද ලැයිස්තු කෙරේ.

සෑම වසරකම වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැනින් එම පුද්ගලයා ඡන්ද ලයිස්තුවට ඇතුලත් වීමට නව පනතින් අවකාශ හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here