Home උණුසුම් පුවත් පොහොට්ටු මන්ත්‍රී මරණ දඬුවමෙන් නිදහස්

පොහොට්ටු මන්ත්‍රී මරණ දඬුවමෙන් නිදහස්

පොහොට්ටු මන්ත්‍රී මරණ දඬුවමෙන් නිදහස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මරණ දඬුවමෙන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

ජයසේකර මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීරණය අද ප්‍රකාශයට පත් කෙරුණි.

මෙම නඩුවට අදාළව තමාට පනවා ඇති මරණීය දණ්ඩනය සහ සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මරණීය දණ්ඩනය නියම වූ ඔහු ඇතුළු තිදෙනෙකු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

2015 වසරේ කහවත්තේ පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාව මත රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි මාසයේදී ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here