Home උණුසුම් පුවත් තොටළඟ කජීමාවත්තේ නිවාස 24ක් දෙවැනි වරටත් ගිනි ගනී

තොටළඟ කජීමාවත්තේ නිවාස 24ක් දෙවැනි වරටත් ගිනි ගනී

0
තොටළඟ කජීමාවත්තේ නිවාස 24ක් දෙවැනි වරටත් ගිනි ගනී

කොළඹ තොටළඟ කජීමාවත්තේ නිවාස 24ක් අද අළුයම හටගත් ගින්නකින් හානි සිදුව තිබේ.

ගිනි ගැනීමෙන් නිවාස 12ක් මුළුමනින්නම හානි වී ඇති බවත් එම නිවාස වල පදිංචිකරුවන් ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක මේ වන විට නවාතැන් ගෙන සිටින බවත් පොලීසිය කියයි.

මෙම ගින්න ගැන පරීක්ෂණ පැවැත්වීමට රජයේ රස පරීක්ෂකවරයාවද කැදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ ආකාරයටම ඉකුත් වසරේදීද මෙම වත්තේ නිවාස ගිනි ගැනීමකට ලක්ව ඇත. එහිදීද නිවාස 20 කට වඩා හානි සිදුව තිබුණි. එම ගින්න පිළිබදව පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාව කැදවා ඇතත් මෙතෙක් ඒ සම්බන්දයෙන් වාර්තා ලබාදී නැති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

එදා සහ අද ඇතිවූ මෙම ගිනි ගැනීම්වලට හේතුව විදුලි කාන්දුවක් වන්නට ඇතැයි පොලීසිය සැකකරයි. ගිනි ගත් නිවාස පිහිටා ඇත්තේ එක පේලියටය. මෙම වත්තේ පදිංචිකරුවන්ට රජය විසින් තට්ටු නිවාස ඉදිකර එහි පදිංචියට යවා ඇතත් යම් පිරිසක් තවමත් සිය නිවාස වලට නොයා එහිම පදිංචිව සිටින බව පොලීසිය සඳහන් කරයි. එම නිවාස වල විදුලිය පවා විදුලි මණ්ඩලය විසින් විසන්දිකර ඇතත් ජනතාව හොර රහසේ විදුලිය ලබාගෙන පරිහරණය කරන බව පොලීසිය සඳහන් කරයි. දැනට සති කිහිපයකට පෙර විදුලි බල මණ්ඩලයේ වැටලීම් අංශය විසින් මෙම වත්තේ කළ වැටලීමකින් 20 කට වැඩි පිරිසක් අනවසරයෙන් විදුලිය ලබාගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here