Home special පොලිස් විරු දිනය අදයි

පොලිස් විරු දිනය අදයි

0
පොලිස් විරු දිනය අදයි

158 වන පොලිස් විරු දිනය අදයි.

රාජකාරියේ නිරතවීමේ දී දිවිදුන් පොලිස් විරුවන් ගෞරවයෙන් සිහිපත් කිරීමේ සැමරුම් අද දිවයිනේ ස්ථාන කිහිපයකදීම පැවැත්විණ.

158 වන පොලිස් රණවිරු දිනය සැමරීමේ උත්සවයක් 21 (අද) හලාවත ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යලයේදී පවත්වන ලදි.

හලාවත ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.

පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට ඉදි කර ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපාහාර දැක්වීම පොලිස් නිලධාරීන් සහ මිය ගිය පොලිස් රණවිරුවන්ගේ ඥාතීන් විසින් සිදු කරන ලදි.

හලාවත පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here