Home උණුසුම් පුවත් මාස්ක් මිලත් ඉහළට

මාස්ක් මිලත් ඉහළට

මාස්ක් මිලත් ඉහළට

ලබන සඳුදා සිට මුඛ ආවරණ මිල 30%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා මුඛ ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කීය.

එම සංගමයේ සභාපති විදුර අල්ගම මහතා සදහන් කළේ ඩොලරයේ අගය දිනෙන් දින සිතාගත නොහැකි අන්දමින් ඉහළ යන බවය.

මේ හේතුවෙන් මුඛ ආවරණ නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසා අකමැත්තෙන් වුවද මෙම තීරණය ගත් බව ඔහු කීය.

වසංගතය ආරම්භයේ දී මෙරට තුළ මුඛ ආවරණවල මිල 100% ඉහළ ගොස් තිබුණි.

එහෙත් රට තුළ මොකා ආවරණ නිෂ්පාදනය කිරීම නිසා එය සියයට 80% කින් අඩු කරගැනීමට හැකි වූ බව ද සභාපතිවරයා සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here