
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 24ක් පමණ අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ ජලය සැපයෙන නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙනි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභා බලප්‍රදේශය, රත්මලාන, කොළඹ 05, කොළඹ 06, බත්තරමුල්ල, පැලවත්ත, උඩුමුල්ල සහ හිඹුටාන යන ප්‍රදේශවලට යි.
එම ප්‍රදේශවල මේ මොහොතේ සිට පැය 24ක කාලයක් මෙලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක විය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
එසේම කොළඹ 04 ප්‍රදේශයට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.