Home උණුසුම් පුවත් බඹර ප්‍රහාරයකින් ඇතිමලේ ජාතික පාසලේ විදුහල්පති සමඟ සිසුන් 62දෙනෙක් රෝහල්ගත කෙරේ

බඹර ප්‍රහාරයකින් ඇතිමලේ ජාතික පාසලේ විදුහල්පති සමඟ සිසුන් 62දෙනෙක් රෝහල්ගත කෙරේ

0
බඹර ප්‍රහාරයකින් ඇතිමලේ ජාතික පාසලේ විදුහල්පති සමඟ සිසුන් 62දෙනෙක් රෝහල්ගත කෙරේ
close up of honey bees flying Credit: Getty

ඇතිමලේ ජාතික පාසලේ සිසුන් 62 දෙනෙක් සහ විදුහල්පති ඇතුළු ගුරුවරු 03 දෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව ඇතිමලේ රෝහලට ඇතුලත් කර තිබේ.

පාසලේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලෙහි වහලයේ බැද තිබුණු බඹරයේ කොටමක් අද උදෑසන කඩා වැටීමෙන් බඹරු ඇවිස්සී ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඇතිමලේ පොලීසියේ නිලධාරියෙක් සඳහන් කළේය.

සිසුන් විශාල පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවත් පවතින අවධානම් තත්ත්වය සළකා බලා අධ්‍යාපන බලධාරීන් සමඟ සාකච්ඡාකර පාසල අද දිනයේ වසා දැමීමට පියවර ගත් බවත් එම නිලධාරියා පැවැසීය.

වහලයේ ඇති බඹරය අද රාත්‍රියේ ඉවත් කිරීමට වනජීවී නිලධාරීන් කණ්ඩායමක් පැමිණෙන බවත් එය ඉවත් කිරීමෙන් පසු පාසල සුපුරුදු ලෙස හෙට සිට පවත්වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here