Home උණුසුම් පුවත් මැතිසබේ කතාකරන මන්ත්‍රී ලැයිස්තුවෙනුත් ගම්මන්පිළ ඉවතට

මැතිසබේ කතාකරන මන්ත්‍රී ලැයිස්තුවෙනුත් ගම්මන්පිළ ඉවතට

මැතිසබේ කතාකරන මන්ත්‍රී ලැයිස්තුවෙනුත් ගම්මන්පිළ ඉවතට

පාර්ලිමේන්තුවේ කථාකිරීමට නියමිත මන්ත්‍රී ලැයිස්තුවෙන් තමාගේ නම ඉවත්වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර තිබේ.

බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී ඊයේ පාර්ලිමේන්තුවේ පිළිතුරු කතාව කිරීමට නියමිතව බව ගම්මන්පිල මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඔහු තනතුරෙන් නෙරපා හරින ලද අතර, කතා කිරීමට කාලය ලබා දෙන ලෙස ඉල්ලා මාර්තු 7 වැනිදා ලිඛිත ඉල්ලීමක් කළේය.

ඔහුට කතා කිරීමට අවසර දිය නොහැකි බව මාර්තු 8 වනදා ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය දැනුම් දුන් බව ඔහු පැවසීය.

“බලශක්ති අර්බුදය පිළිබඳ විවාදයේදී 10/3 පාර්ලිමේන්තුවේ පිළිතුරු කතාව කිරීමට මට නියමිතව තිබුණා. මා කාර්යාලයෙන් නෙරපා හරින ලද බැවින්, මම කතා කිරීමට වේලාවක් ඉල්ලා 7/3 ලිඛිත ඉල්ලීමක් කළා. 8/3 දින, ආණ්ඩු පක්ෂයේ සංවිධායක කාර්යාලය මට දන්වා සිටියේ මට කතා කිරීමට අවසර දිය නොහැකි බවයි.

මම ඊට පස්සේ ජොන්ස්ටන් ඇමැතිතුමාට කතා කළා. ඔහු කිව්වා ‘අපි බලමු’ කියලා. පසුව ඔහුගේ කාර්යාලය මට දන්වා සිටියේ මම 3/3 වෙනකම් බලශක්ති ඇමතිවරයා ලෙස සිටියත් ලැයිස්තුව පිරී ඇති නිසා මට කතා කිරීමට අවසර දිය නොහැකි බවයි. මට සාධාරණයක් කරන්න කියලා මම කතානායකතුමාට මේ වන විට පැමිණිලි කරලා තියෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මා පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ ඡන්ද 136,331ක් ලබාගෙනයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කිරීම යනු මගේ ඡන්දදායකයින්ට ඔවුන්ගේ හදවතේ සහ මනසේ ඇති දේ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම යන්නයි. පාර්ලිමේන්තුවේ කතා කිරීමට මට ඇති අයිතිය කථානායකවරයා විසින් ආරක්ෂා කරනු ඇතැයි මම ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි” යැයි ද ගම්මන්පිළ මන්ත්‍රීවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here