Home දේශීය පුවත් GOSSIP “දික්කසාද කෙනෙකුටත් ලෝක විවාහක රූ රැජිණ තරඟෙට යන්න පුළුවන් තැන මම හදනවා”

“දික්කසාද කෙනෙකුටත් ලෝක විවාහක රූ රැජිණ තරඟෙට යන්න පුළුවන් තැන මම හදනවා”

“දික්කසාද කෙනෙකුටත් ලෝක විවාහක  රූ රැජිණ තරඟෙට යන්න පුළුවන් තැන මම හදනවා”

තමාගෙන් පසු ලෝක විවාහක රූ රැජිණ තරගයට දික්කසාද වු කාන්තාවකට වුවද යා හැකි අයුරින් අවස්ථාව සලසන බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ අද යළි හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා පවසයි.

කිරුළ ලබාගැනීමෙන් පසු එය පැළඳ අද පස්වරුවේ කොළඹ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය,

“මගේ ජීවිතේ මට වැරදුන තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැටුණු හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා ඒවාගේම මගේ අක්කා. මගේ දරුවාව හදන්න මම කරන කැපකිරීම, කවුරු මගේ ජීවිතේ හිටියාත් තැතත් මගේ ජීවිතේ මම ගෙනියනවා මගේ දරුවා නිසා. මගේ අම්මා තාත්තා නිසා. මම යකඩ ගැහැණියෙක්. මම වැටෙනවානම් මීට අවුරුදු 3කට 4කට කලින් ඒ වැටුණ තැනදී තමයි මම වැටෙන්නේ මේ කිරුළ ගන්න මට ලොකුම බලාපොරෙත්තු වුණේ. මම වගේ දරුවෙකු එකක් තනි වුණ සින්ගල් මාම්. ඒවාගේ ගැහැනු ලංකාවේ ගොඩක් දුක්විඳිනවා. මේ කිරුළ මගේ නෙමෙයි ඒ අයගේ මම හිතන්නේ මේ කිරුළෙන් ඒ අයගේ අනාගතය එළිය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ සතුට. මම ඩිවෝස් නැහැ. තවමත් මම විවාහකයි. අනිවාර්යෙන් මගෙන් පස්සේ වර්ල්ඩ් පැජන්ඩ් එකකට ඩිවෝස් වුණ කෙනෙකුට මේ වගේ තරඟයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නට කියන තැන මම හදනවා. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here