Home උණුසුම් පුවත් බීමතින් රිය පදවා අනතුරක් කළ රංගන ශිල්පියාට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්

බීමතින් රිය පදවා අනතුරක් කළ රංගන ශිල්පියාට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්

0
බීමතින් රිය පදවා අනතුරක් කළ රංගන ශිල්පියාට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්

බීමතින් මෝටර් රථයක් පදවා රිය අනතුරක් කළ රංගන ශිල්පියෙක්ව කළුතර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (04) සවස අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් සිය පියා සමඟ ගමන් කරමින් සිටි යතුරු පැදියක මෝටර් රථය ගැටී ඇති අතර ගුරුවරිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි. ඇය උතුරු කළුතර දෙදියවල පදිංචිකාරියකි. ගුරුවරියගේ පියා යතුරු පැදිය පදවා ඇති අතර ඇයට මෙම අනතුරින් කිසිදු හානියක් සිදුව නැත.

සාදයකට සහභාගිවී රංගන ශිල්පියා ඇතුළු සිව් දෙනෙක් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. රංගන ශිල්පියා පැදවූ මෝටර් රථය කළුතර සිට වාද්දූව දෙසට ධාවනය වෙමින් තිබි ඇත. යතුරු පැදිය දකුණට හැරවීමට සංඥා දල්වා තිබියදී මෝටර් රථය පාලනයෙන තොරව ඉදිරියට ඇදී යතුරු පැදියේ ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී , මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගත් ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවී ඇතැයි පැවසෙයි.

මෝටර් රථයේ ගැටුණු යතුරු පැදිය මීටර් 10 ක් පමණ ඇදී ගොස් ඇති අතර මාර්ගයේ වැටුණු ගුරුවරියව ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගතකර තිබේ. එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සමඟ රංගන ශිල්පියා බහින්බස් වී ඇත. එහිදී ඔහුට ගම්වාසීන් විසින් පහරදීමක් සිදුකර ඇති බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here