Home උණුසුම් පුවත් පැරසිටමෝල් පෙත්තක මිලත් ඉහළට

පැරසිටමෝල් පෙත්තක මිලත් ඉහළට

0
පැරසිටමෝල් පෙත්තක මිලත් ඉහළට

මිලිග්‍රෑම් 500ක පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ලෙස ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, 2022 පෙබරවාරි 28 සිට බලපැවැත්වෙන ලෙසිණි.

පැසිටමෝල් ඹෟෂධ වර්ගය සම්බන්ධයෙන් මෙයට පෙර පැවති උපරිම සිල්ලර මිල වූයේ 1.70 කි. ඒ අනුව නව ගැසට් පත්‍රය මඟින් සිදුව ඇත්තේ මිල ඉහළ දැමීමකි.

පසුගිය දිනවල රටපුරා පැරසිටමෝල් හිඟයක් පැවතුනි. ඹෟෂධ කර්මාන්තකරුවන් සංගමය සඳහන් කරනු ලැබුවේ ඒ වන විට මෙරට පැවති උපරිම සිල්ලර මිලට පැරසිටමෝල් අලෙවි කිරීමට කිසිදු නිෂ්පාදකයෙකුට හැකියාවක් නොමැති බවය. ඊට හේතුව මේ වන විට රටේ පවතින විනමය අර්බුදය හමුවේ පැරසිටමෝල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here