Home උණුසුම් පුවත් රුසියානු ගුවන්යානාවලට අමෙරිකා ගුවන් කලාපය තහනම්

රුසියානු ගුවන්යානාවලට අමෙරිකා ගුවන් කලාපය තහනම්

රුසියානු ගුවන්යානාවලට අමෙරිකා ගුවන් කලාපය තහනම්

රුසියානු ගුවන් යානාවලට ඇමරිකානු ගුවන් කලාපය තහනම් කරමින් ඇමරිකානු රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ වන විට උත්සන්න වෙමින් පවතින යුක්රේනයේ ඇමරිකානු ආක්‍රමණ ගැටුම ඊට හේතුවයි.

“සියලුම රුසියානු ගුවන් ගමන් සඳහා ඇමරිකානු ගුවන් කලාපය වසා දැමීමට අපි අපගේ මිත්‍ර පාක්ෂිකයන් සමග එක්වන බව මම ප්‍රකාශ කරමි. රුසියාව තවදුරටත් හුදකලා කිරීම සහ ඔවුන්ගේ ආර්ථිකයට අතිරේක පීඩනයක් එකතු කිරීමත් අපගේ අපේක්ෂාවයි” යනුවෙන් ඇමරිකානු ජනාධිපති අමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ රාජ්‍ය සංගම් ඇමතීමේදීය.

ඇමරිකාවේ රාජ්‍ය සංගමය ඇමැතීම යනු එරට ජනාධිපතිවරයා විසින් වර්ෂයේ මුලදී ඇමරිකානු කොංග්‍රසය වෙත රටේ වත්මන් තත්වයට සමගාමීව නව වසරේ අරමුණු පැහැදිලි කරන පණිවිඩයක් සහිත ඇමැතීමකි.

මේ අනුව අද සිට දවස ගෙවී යනවිට ඇමරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ෆෙඩරල් ගුවන් පරිපාලන නියෝග ක්‍රියාත්මක කරනු ඇත.

මේ අනුව කිසියම් හෝ රුසියානු පුරවැසියකු හෝ ඔවුන් සඳහා හිමිකාරිත්වය දරන, සහතික කළ, බදු දී ඇති, ක්‍රියාත්මක වන, ලියාපදිංචි, වරලත් සියලු ගුවන් මෙහෙයුම් අත්හිටුවනු ඇත.

මෙයට මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් යන දෙවර්ගයම ඇතුළත් වන අතර යාමට නියමිත රුසියානු වාණිජ ගුවන් යානා සහ අනෙකුත් රුසියානු සිවිල් ගුවන් යානා සඳහා ද අමෙරිකානු ගුවන් අවකාශය වසා දමන බව අමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here