Home දේශීය පුවත් දස වසරක් තිස්සේ වැසී ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගොඩදාන හැටි

දස වසරක් තිස්සේ වැසී ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගොඩදාන හැටි

0
දස වසරක් තිස්සේ වැසී ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගොඩදාන හැටි

ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු ඇඹිලිපිටිය කඩදාසි කම්හල 2012 වර්ෂයේ සිට ‍මේ දක්වා වසා දමා ඇත.

එකී කම්හල පිහිටි ඉඩම සහ කම්හලේ ගොඩනැඟිලි වසර 30ක කාලසීමාවක් සඳහා දේශීය ආයෝජන සමාගමක් වන “කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගම“ වෙත ලබා දීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් අදාළ ඉඩම විධිමත් පරිදි සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීමට කටයුතු කර නොතිබූ බැවින්, එකී අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි කටයුතු කිරීමට හැකි වී නොමැත.

එම කම්හල පිහිටි අක්කර 111 රූඩ් 02 පර්චස් 33ක ඉඩම, දීර්ඝකාලීන බදු පදනම මත සීමාසහිත ජාතික කඩදාසි සමාගම වෙත ලබා දීම සඳහා මේ වන විට කටයුතු කෙරෙමින් පවතී. සීමාසහිත ජාතික කඩදාසි සමාගම සහ කොරියන් ස්පා සමාගම සමඟ එකඟතාවකට පැමිණ ඇති කොන්දේසි සහිත ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව, ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ නැවත ආරම්භ කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here