Home උණුසුම් පුවත් යුක්රේනයේ සහ දේශසීමාවේ සිටින ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම ඇරඹේ

යුක්රේනයේ සහ දේශසීමාවේ සිටින ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම ඇරඹේ

යුක්රේනයේ සහ දේශසීමාවේ සිටින ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම ඇරඹේ

යුක්රේනයේ තත්වය සමීපව නිරීක්ෂණය කරමින් මේ වනවිිට යුක්රේන- පෝලන්ත දේශසීමාව හරහා ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයින් 40ක් ඉවත් කිරීමේ කටයුතුවල නියැලී සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මෙම ක්‍රියාවලියට පහසුකම් සපයනු ලබන්නේ වෝර්සෝ සහ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගිනි.

යුක්රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු ද ඊට ඇතුළත් වේ.

ලාංකිකයන් ඉවත්කරගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත සම්පත් සැපයීම ශක්තිමත් කර ඇති බව ද අමාත්‍යාංශය දන්වා සිටියි.

අන්කාරා සහ වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපතිවරු යුක්රේනයෙන් පිටවන ශ්‍රී ලාංකිකයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගෙන යන අතර, ඔවුන්ට ආරක්ෂිතව ගමන් කිරීමට සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි බවට සහතික වේ.

විදේශ අමාත්‍යාංශය යුක්රේනය සමඟ ගොඩබිම් දේශසීමා බෙදා ගන්නා රටවල ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමේ ද නිරතව සිටී.

ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල අදාළ රටවල අදාළ කොන්සල්වරුන් සහ ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටින බව ද නිවේදනය කර සිටී.

බෙලරුසියාවේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන 08 අධික සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන සිසුන් 1,556ක් ඇතුළුව ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයන් 1,600ක් හඳුනාගෙන ඇති අතර මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ අඛණ්ඩව සමීප සන්නිවේදනයක නිරත වේ.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සම්බන්ධයෙන් අදාළ විශ්වවිද්‍යාල බලධාරීන්, ශිෂ්‍ය සහ දෙමාපිය කණ්ඩායම් මෙන්ම බෙලරුස්හි අනෙකුත් අදාළ ආයතන සමඟ සෘජුව සම්බන්ධ වේ.

අවශ්‍ය යැයි සලකන පරිදි, නිතිපතා තත්ත්‍ව යාවත්කාලීන කිරීම් දෙමාපියන්ට සපයනු ලැබේ.

අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලෙස එම අමාත්‍යාංශය කලාපයේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here