Home උණුසුම් පුවත් යුක්‍රේනයේ ලාංකිකයන්ට මෙරට රජයෙන් හදිසි දැනුම්දීමක්

යුක්‍රේනයේ ලාංකිකයන්ට මෙරට රජයෙන් හදිසි දැනුම්දීමක්

යුක්‍රේනයේ ලාංකිකයන්ට මෙරට රජයෙන් හදිසි දැනුම්දීමක්

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත මෙරට රජයෙන් උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය විසින් මෙම උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24×7) මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ විය හැකි ය.

ජංගම දුර: +90 534 456 94 98
ස්ථාවර දුර: +90 312 427 10 32
විද්‍යුත් ලිපිනය: slemb.ankara@mfa.gov.lk.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here