Home උණුසුම් පුවත් කැපුවේ නැතත් අවුලක් – වහාම දැනුම්දෙන්න..

කැපුවේ නැතත් අවුලක් – වහාම දැනුම්දෙන්න..

කැපුවේ නැතත් අවුලක් – වහාම දැනුම්දෙන්න..

දිවයිනටම විදුලි කප්පාදු කරන මේ දිනවල විදුලිය කප්පාදු කාලසටහනේ යම් ප්‍රදේශයක් නම් කර තිබියදීත් විදුලිය කැපීමක් සිදු නොවන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව 1987 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස විදුලිබල අමාත්‍යාංශය දැනුම් දෙයි.

දින කිහිපයක සිට දිවයින පුරා විදුලිය විසන්ධි කරන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුනොවන බවට පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබෙන බවට වාර්තා විය.

විදුලිබල අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ සඳහන් කළේ විදුලිය විසන්ධි නොකරන විශේෂිත ස්ථාන හැර අනෙකුත් ස්ථානවලටද මේ දිනවල විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන්නේ නම් ඒ සම්බන්ධයෙන් විභාග කිරීමක් සිදු කරන බවයි.

 

සබැඳි පුවත්
හෙට විදුලිය කැපෙන කාලසටහන මෙන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here