Home උණුසුම් පුවත් කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න එන්නත් ලක්ෂ 3ක් වෙන් කරලා

කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න එන්නත් ලක්ෂ 3ක් වෙන් කරලා

කොවිඩ් දෙවන මාත්‍රාව දෙන්න එන්නත් ලක්ෂ 3ක් වෙන් කරලා

කොරෝන මර්දන එන්නත ලබා ගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව සඳහා oxford – AstraZeneca Covishield එන්නත් තුන්ලක්ෂයක් පමණ දැනට වෙන්කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

එන්නත් දෙවන මාත්‍රා ලබා දීම එළඹෙන අප්‍රේල් මස 19 වන දා සිට ආරම්භ කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොවිඩ් දෙවන මාත්‍රාව සති 04කින් ගත යුතු බව මීට ඉහතදී සඳහන් කර තිබුණද නවතම පර්යේෂණ දත්ත අනුව එය සති 10ත් 12 දක්වා බවත් ඒ අනුව ඉතිරි එන්නත් තොගය ඒ අතර තුර ලබා ගත හැකි බැවින් කිසිදු ගැටළුවක් මෙහිදී ඇති නොවන බවද අමාත්‍යවරයි අවධාරණය කළාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය ලබාදෙන දීමනාව සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය ලබා දෙන රු 2500 යේ මාසික දීමනාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බවයි. අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මේ සඳහා මුදල් ඉල්ලා ඇති අතර මුදල් ලැබුණු වහාම අදාළ ගෙවීම් කරන බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238,640ක් දෙනා පොරොත්තු ලේඛනයේ සිටින බවත් එම පුරවැසියන්ටද රු2000 දීමනාව ලබා දීම සඳහා ද කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇතැයිද ඇය සඳහන් කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here