Home උණුසුම් පුවත් ලක්සල චීනයට

ලක්සල චීනයට

ලක්සල චීනයට

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය “ලක්සල” හා “සීජියෑන් බොස්වින් (Zhejiang Boswin Technology Private Limited) ආයතන අතර ගිවිසුමක් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (18) අත්සන් තබා තිබේ.

මෙමගින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) ආයතනය විසින් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ලැබෙන ආදායමට අමතරව වරලත් අලෙවි නියෝජිත ආයතනයේ මාසික අලෙවි පිරිවැටුමෙන් ප්‍රතිශතයක්ද , කීර්තිමත් “ලක්සල” සන්නාමය චීනය තුළ භාවිතය වෙනුවෙන් වාර්ෂිකව කිසියම් “වෙළඳ හිමිකාරීත්ව භාගයක්” (Royalty Fee) ද ලැබීමට නියමිතය.

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සංකල්පයක් මත මෙරට දේශීය ආර්ථිකයට හා දේශීය නිෂ්පාදකයාට දිරි දීමක් වශයෙන් ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ විදේශයන්ට අපනයන කිරීම සදහා වන සුවිශේෂී වැඩපිළිවෙළකට එළඹිණි.

ඒ හා සමගාමීව හයවන වරලත් අළෙවි නියෝජිත ආයතනය චීනයේ ” සීජියෑන් “හි ස්ථාපිත කිරීම සදහා වන ගිවිසුම මෙලෙස අත්සන් තැබිණ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලක්මල් වික්‍රාමාරච්චි මහතා ඇතුළු ලක්සල අධ්‍යක්ෂ මණ්ඩලය,සීජියෑන් බොස්වින් සමාගමේ සභාපති ප්‍රසාද් විදානගේ මහතා හා චීන ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිතුමිය, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් එක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here