
දැලිවල තෛිහාසික කොටවෙහෙර විහාරස්ථානයේ ධාතු මන්දිරය බිද මිල කළ නොහැකි පෞරාණික කරඬු 09 සොරාගත් පුද්ගලයා හෝ පුද්ගලයින් නීතියේ රැහැනට කොටුකර ගැනීමට සාර්ථක තොරතුරක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් ලබාදීම කෙරෙහි පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පොලීස් මූලස්ථානය නිල වශයෙන් තොරතුරු දැනුම් දීමට නියමිතය.
කොටවෙහෙර විහාරාධිපති පුස්සැල්ලේ ආරියවංශ හිමියන්ද ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනු ලැබුවේ කරඬු සොරා ගැන යම් තොරතුරක් ලබාදෙන්නේ නම් රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ලබාදෙන බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක්ම කරඬු සොරකම ගැන විමර්ශන පවත්වමින් සිටින අතර සැකයට ලක්වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේම දුරකතන ඡාල විශ්ලේෂණයක්ද මේ වන විට සිදුවෙමින් පවතී.
මීට අදාළ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/Media-on-2022.02.18-at-1240.pdf” title=”Media on 2022.02.18 at 1240″]