Home දේශීය පුවත් වසර අග මැතිවරණයක්?

වසර අග මැතිවරණයක්?

0
වසර අග මැතිවරණයක්?

පළාත් පාලන මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා විශ්වාසය පලකරයි.

සැත්තැම්බර් 20 වෙනිදායින් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කොමිසමට බලය ලැබෙන බවද ඔහු අවධාරණය කරයි. මැතිවරණ කොමිසම ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානමින් සිටින බවද සභාපතිවරයා සදහන් කරයි.

ජනතාවගේ පරමාධිපත්‍ය බලය ඡන්දය බවත් පළාත් පාලන මැතිවරණය මේ වන විට විෂය භාර අමාත්‍යවරයා විසින් වසරකින්කල්දමා තිබෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතු බවවද සභාපතිවරයා පවසයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි අද පුහුණු වැඩමුළුවකට සහභාගිවෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here