Home උණුසුම් පුවත් විහාරස්ථානවලින් මුදල් සොරාගන්නා යුවලක් අල්ලයි

විහාරස්ථානවලින් මුදල් සොරාගන්නා යුවලක් අල්ලයි

0
විහාරස්ථානවලින් මුදල් සොරාගන්නා යුවලක් අල්ලයි

පුත්තලම සහ කුරුණෑගල විහාරස්ථානවල ආවාසවලට ඇතුළු වී මුදල් සොරා ගැනීම්වල නිරතව සිටි යුවලක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය සමත්ව ඇත.

නවම් පොහොය යෙදී තිබුණු ඊයේ දින දහවල් මෙම යුවල යතුරු පැදියකින් පල්ලම නන්දිමිත්‍ර නව වංගුව රජමහා විහාරස්ථානයට ඇතුළු වී රුපියල් ලක්ෂ දෙකහාමාරක මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී මෙම සොර යුවල අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

සැකකරු අවුරුදු 40 ක් වන තැනැත්තෙක් වන අතර සැකාරිය අවුරුදු 22 ක් වයසැති තැනැත්තියකි. ඔවුන් උඩුබද්දාවේ පදිංචිකරුවන්ය.

මෙම යුවල රස්නායකපුර, මහකුඹුක්කඩවල, කොබෙයිගනේ පිහිටි විහාරස්ථාන ඇතුළු විහාරස්ථාන රැසකට ඇතුළු වෙමින් මෙවන් සොරකම් රැසක් සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම් වලින් අනාවරණය වී ඇත.

මෙම යුවල අද අණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here