Home දේශීය පුවත් වතු කම්කරු පවුල් සඳහා තිරිගුපිටි සහනාධාර යක්

වතු කම්කරු පවුල් සඳහා තිරිගුපිටි සහනාධාර යක්

0

වතු කම්කරු පවුල් එක්ලක්ෂ පහලොස් දහස් අටසිය හැට හතක් සඳහා මාසිකව එක්පවුලකට තිරිඟු පිටි කිලෝ 15 ක් සහන මිලක් යටතේ ලබාදීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබුණු යෝජනාවට ඊයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් අද නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ගරු මුදල් ඇමතිතුමා විසින් "ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම" යන මැයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් යෝජනා සඳහා 2022 ජනවාරි මස 18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

එම යෝජනා අතුරින් වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් වූ යෝජනාව වෙළෙඳ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් සලකා බලා නිර්දේශයන් ඉදිරිපත් කර ඇත.

එකී නිර්දේශ පරිදි හඳුනාගෙන ඇති ප්‍රතිලාභී පවුල් 115,867ක් සඳහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීම පිණිස වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here