Home උණුසුම් පුවත් චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායමේ ගමන් මග සොයන්න 60ක කණ්ඩායමක්

චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායමේ ගමන් මග සොයන්න 60ක කණ්ඩායමක්

0
චමුදිතගේ නිවසට පහරදුන් මැර කණ්ඩායමේ ගමන්  මග සොයන්න 60ක කණ්ඩායමක්

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකල පුද්ගල කණ්ඩායම ගමන්ගත් වාහනයේ ගමන් මග ඔස්සේ පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ අනුව ආරක්ෂක කැමරා 21කින් වාහනය කොළඹ දෙස සිට පිළියන්දල පැමිණ ඇති බවත් එම වාහනය නැවත ගමන්කර ඇත්තේ කොළඹ දෙසට බවත් හෙළිවී ඇත.

තවදුරටත් ඉදිරියට ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීම් සිදුවන අතර වෑන් රථයේ අංකය පවා ඒ ඔස්සේ අනාවරණය කර ගැනීමට පරිගණක තාක්ෂණ ශිල්පීන්ගේ සහයද ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ වෑන් රථයේ ගමන් මග නිරීක්ෂණය කිරීම සදහා ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමට පමණක් නිලධාරීන් 60 ක කණ්ඩායමක් මේ වන විට යොදවා ඇති බවය. මඟ දෙපස ඇති ආරක්ෂක කැමරා පරීක්ෂාකරමින් ඉතා සාර්ථකව එම නිලධාරීන් විමර්ශන පවත්වමින් සිටින බවද එම නිලධාරියා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here