Home දේශීය පුවත් උණුසුම් පුවත් කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනයට සූදානම්

කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනයට සූදානම්

කටාන රිෆයිනරීස් සමාගමේ  පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනයට සූදානම්

පිළිකාකාරක ඇතැයි තහවුරු වූ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙන් එක් ආයතනයක් වන කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් ප්‍රතිඅපනයනයට සූදානම් කර ඇති බව ශ්‍රි ලංකා රේගුව පවසයි.

සමාගම් තුනක් විසින් මෙරටට ගෙන් වු පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට පසුගියදා තොරතුරු අනාවරණය විය.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ දෙවන තත්ත්ව පරික්ෂාවේදී ද එම පොල්තෙල්වල අදාළ පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සනාථ වී තිබුණි.

ඒ අනුව එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව අදාළ සමාගම්වලට දැනුම්දුන්නේය.

ඒ අනුව අදාළ සමාගම් ගෙන්වූ පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව ඇති බව වාර්තා වේ.

ප්‍රථමයෙන් කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීම සඳහා පියවර ගෙන තිබේ.

මෙම සතිය තුළ දී අදාළ පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන බව රේගුව පවසයි.

තවත් එක් සමාගමක පොල්තෙල් සාම්පලවල පරීක්ෂණ වාර්තා අද ලබාගැනීමට නියමිත ය.

එය අනුව සෙසු සමාගම් වලද පිළිකා කාරක සහිත පොල් තෙල් තොග යළි ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගැනෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here