Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉන්දියාවට වැඳලා හරි කොවිෂීල්ඩ් එන්නත ගෙන්න ගන්න – රවි කුමුදේශ්

ඉන්දියාවට වැඳලා හරි කොවිෂීල්ඩ් එන්නත ගෙන්න ගන්න – රවි කුමුදේශ්

ඉන්දියාවට වැඳලා හරි කොවිෂීල්ඩ්  එන්නත ගෙන්න ගන්න – රවි කුමුදේශ්

අංජනා මල්ලවආරච්චි

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකිව සෞඛ්‍ය බලධාරීන් විවිධ කතා කියමින් සිටින්නේ යැයි වෛද්‍ය රසායනාගර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

සෞඛ්‍ය බලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කළ හෙයින් එන්නත් ලක්ෂ 10ක් නාස්ති වීමේ අවදානමක් හටගෙන ඇතැයි ද වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය .

පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කිරිමට නම් අනිවාර්යෙන්ම දෙවන මාත්‍රාව ලබාදීම අත්‍යවශ්‍ය බව ද ඔහු කීය.

එම නිසා ඉන්දියාවට වැඳ නමස්කාර කර හෝ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාගෙන දෙවන මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු බවට රවි කුමුදේශ් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here