Home දේශීය පුවත් අන්තර්ජාතික රතු කුරුස මහලේකම් හෙට දිවයින ට

අන්තර්ජාතික රතු කුරුස මහලේකම් හෙට දිවයින ට

0
අන්තර්ජාතික රතු කුරුස මහලේකම් හෙට දිවයින ට

අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන් මහතා හෙට (08) මෙරටට ළඟා වීමට නියමිතව ඇත.

ලොව විශාලතම මානුෂවාදී සංවිධානය වන අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩ සඳ සම්මේලනය රටවල් 193ක් පුරා විහි දී තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ මුහුණ දුන් සෑම ව්‍යවසන අවස්ථාවක දී ම අන්තර්ජාතික රතු කුරුස සහ රතු අඩ සඳ සම්මේලනය මානුෂීය අධාර ලබා දෙමින් උදව්වට පැමිණීම විශේෂත්වයකි.

දෙදින සංචාරයකට එක්වන මහලේකම් ජගාන් චැපගන් මහතා හෙට දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ උසස් නිලධාරීන් ද හමුවීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here