Home උණුසුම් පුවත් රෝහල් – බන්ධනාගාරවලත් විභාග ශාලා හැදූ උසස් පෙළ විභාගය ඇරඹේ

රෝහල් – බන්ධනාගාරවලත් විභාග ශාලා හැදූ උසස් පෙළ විභාගය ඇරඹේ

රෝහල් – බන්ධනාගාරවලත් විභාග ශාලා හැදූ උසස් පෙළ විභාගය ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (07) ආරම්භ වේ.

විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අධ්‍යාපන බලධාරීන්, විභාග ශාලාධිපතිවරුන්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව ලබන මස 05 වනදා දක්වා විභාගය නිසිපරිදො පැවැත්වීමට පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.

විභාග මධ්‍යස්ථාන 2,438කදී සිසුන් 345,242දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතය.

මෙවරද විභාග නීති රීති එලෙසම ක්‍රියාත්මක වන අතර විභාග ශාලාවට ඉලෙක්ට්‍රොනික මෙවලම්, ඉලෙක්ට්‍රොනික අත්ඔරලෝසු, ජංගම දුරකථන වැනි අනවශ්‍ය දේ රැගෙන ඒම තහනම් වේ.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 011- 2784208 හෝ 011 -2784537 අංක අමතන ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම කොවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ මධ්‍යස්ථාන 29ක් ද පිහිටුවා ඇත.

මේ අතර ශ්වසන අපහසුතා ඇතුළු සැකසහිත රෝගලක්ෂණ සහිත දරුවන්ට විභාගයට පෙනී සිටිම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනත් ස්ථානයක් වෙන්කර ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය පවසයි.

උසස් පෙළ විභාගයට වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු ඇතුළු 3 දෙනෙකු ද මෙවර මුහුණදීමට සූදානම් වෙති.

ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයේ දී වයස අවුරුදු 43 ක හා 46 ක සිරකරුවන් දෙදෙනෙකු හා වයස අවුරුදු 38 ක එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here