Home උණුසුම් පුවත් රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – හේතුව දන්නේ නෑ

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – හේතුව දන්නේ නෑ

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට ප්‍රහාරයක් – හේතුව දන්නේ නෑ

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයට යම් පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් පසු වෛද්‍ය පීඨයේ සිසුන් සහ තවත් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම දෙකට පමණ මෙම ගැටුම ඇතිවූ බව පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ප්‍රහාරය සදහා පැමිණි පුද්ගලයින්ට අයත් මෝටර් රථයක් සිසුන් භාරයට ගෙන පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

තමන්ට පහර දීමක් සිදුකළේ කුමන හේතුවක් නිසාදැයි යන්න නොදන්නා බව සිසුන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here