Home COVID සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ගත් අලුත්ම තීරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ගත් අලුත්ම තීරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ගත් අලුත්ම තීරණය

ජනවාරි 31 දක්වා ක්‍රියාත්මකව තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර තිබේ.

මේ අතර දිනක වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මාස හතරකට පසු ඊයේ දිනයේදී දහසේ සීමාව ඉක්මවා ගියේය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, “සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කරන මාර්ගෝපදේශ විටින් විට අපි අලුත් කරනවා. මේ දක්වා බලාත්මකව තිබුණේ දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛයයි.

මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂ හේතුවක් මත සමහර විට නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙනවා.” යනුවෙනි.

මේ වනවිට ආරම්භ වූ බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ වැඩසටහන අද දවසේදී ද ක්‍රියාත්මක වෙයි.

ඒ බත්තරමුල්ල දියත උයන ඇතුළු මධ්‍යස්ථාන රැසකදී බූස්ටර් එන්නත නොපමාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here