Home උණුසුම් පුවත් සමුළුවට ගිය අනුර කුමාරගේ වාහනයට බිත්තර ප්‍රහාරයක්

සමුළුවට ගිය අනුර කුමාරගේ වාහනයට බිත්තර ප්‍රහාරයක්

සමුළුවට ගිය අනුර කුමාරගේ වාහනයට බිත්තර ප්‍රහාරයක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

ඒ අද (30) පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී ය.

සමුළුවට පැමිණ සිටි පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අල්ලාගෙන පොලීසියට භාරදී ඇත.

සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ තිබූ බවය.

සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් තිබේ.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර අනුර කුමාර දිසානායක මහතා එම ස්ථානයට පැමිණෙමින් සිට ඇත.

එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත්තේ උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here