Home දේශීය පුවත් දේවස්ථාන ආරක්ෂාවට 12000 ක බලඇණියක්

දේවස්ථාන ආරක්ෂාවට 12000 ක බලඇණියක්

0
දේවස්ථාන ආරක්ෂාවට 12000 ක බලඇණියක්

පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන හෙට (04) ශ්‍රී ලංකාවේ සියලුම කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන ආවරණය වන පරිදි කෙරෙන ආරක්ෂක වැඩ පිළිවෙලට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 12040 ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

මෙසේ ආරක්ෂාවට යොදවන නිලධාරීන්ගෙන් 9356 දෙනෙක් පොලිස් නිලධාරීන්ය. විශේෂ කාර් ය බලකායෙන් යොදවන්නේ නිලධාරීන් 146 දෙනෙක් පමණි. යුද හමුදා සාමාජිකයින් 1711 දෙනෙක්ද, නාවික හමුදාවේ සාමාජිකයින් 426 දෙනෙක්ද , ගුවන් හමුදාවේ සාමාජිකයින් 405 දෙනෙක්ද ඊට අමතරව යොදවන බව අජිත් රෝහන මහතා සදහන් කළේය.

දේවස්ථාන ආරක්ෂාවට යොදවන පොලිස් නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් 929 දෙනෙක්ද සිටින බව සදහන්ය.

දේවස්ථාන අවට මාර් ග වල යතුරුපැදි මගින් ජංගම ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වේ. ඒ සදහා පොලිස් විශේෂ කාර් ය බලකායේ යතුරුපැදි කණ්ඩායම් සියල්ලම යොදවා ඇතැයි විශේෂ කාර් ය බලකාය සදහන් කරයි.

මෙරට කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන වැඩිවශයෙන් පිහිටා ඇත්තේ මීගමුව, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශවලය. මීගමුවේ දේවස්ථාන 111 ක්ද, හලාවත දේවස්ථාන 101 ක්ද, මඩකලපුවේ දේවස්ථාන 98 ක්ද ඇතැයි අජිත් රෝහන මහතා පැවසීය. එම සියළු දේවස්ථාන ආවරණය වන පරිදි ජංගම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here