Home උණුසුම් පුවත් කටාර්හි සේවයේ සිටියදී ලාංකිකයෙක් වෙඩි තබා ඝාතනය කරලා

කටාර්හි සේවයේ සිටියදී ලාංකිකයෙක් වෙඩි තබා ඝාතනය කරලා

කටාර්හි සේවයේ සිටියදී ලාංකිකයෙක් වෙඩි තබා ඝාතනය කරලා

දෝහා හි අල්-වාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයකුට ඊයේ වෙඩි තබා තිබේ.

එම නිවාස සංකීර්ණයට පුද්ගලයකු හා කාන්තාවක පැමිණ ඇති අතර ලාංකික ආරක්ෂක නිලධාරියා ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි බව වාර්තා විය.

සාක්ෂිකරුවන් පැවසුවේ ඔහුගේ හැඳුනුම්පත ඉදිරිපත් නොකිරීම නිසා ආරක්ෂකයා විසින් ඇතුල්වීම ප්‍රතික්ෂේප කළ බවත්ය.

ඉන්පසුව අදාළ ලබන පුද්ගලයා ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පරිශ්‍රයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.

මෙම වෙඩිතැබීමෙන් ආරක්ෂක නිලධාරියාගේ සගයාට ද තුවාල සිදුවී ඇත.

කටාර් ජාතිකයකු බව කියන වෙඩික්කරුවා එක් වරකට වඩා වෙඩි තබා ඇති බව දුටුවෝ පවසති.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් පසු වහාම පාහේ තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

ඔහු මේ වන විට රජයේ අභිචෝදකයා වෙත යොමු කරතිබේ.

මියගිය ලාංකික ආරක්ෂකයා තිදරු පියෙකි.

ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වන බැවින් ඔහු නැවත සිය මව් රටට යාමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here