Home දේශීය පුවත් ජනපති නීතීඥ වෙස්ගත් සොර දෙටුවෙක් අල්ලයි

ජනපති නීතීඥ වෙස්ගත් සොර දෙටුවෙක් අල්ලයි

0
ජනපති නීතීඥ වෙස්ගත් සොර දෙටුවෙක් අල්ලයි

ජනාධිපති නීතීඥවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට බොරැල්ල පොලීසියේ නිලධාරීන් සමත්ව ඇත.

ජනාධිපති නීතීඥයෙක් ලෙසට අමතරව බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස ද මෙම පුද්ගලයා පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ඊයේ (02‍) ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල බේස්ලයින් පාරේදීය. ජනාධිපති නීතීඥවරයෙක් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙක් ලෙස ඔහුගේ නම සදහන් කළ රබර් මුද්‍රාවක් ද සොයාගත් බව අජිත් රෝහන මහතා සදහන් කළේය.

මෙම තනතුරු දෙක යොදා ගනිමින් මෙම පුද්ගලයා ජනතාව රවටමින් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම්වලද නිරතව සිට ඇතැයි අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here