Home දේශීය පුවත් උණුසුම් පුවත් අවිස්සාවේල්ලේ පිපිරීම සිදු වූ යකඩ කම්හල අනාරක්ෂිත වැඩපොළක්

අවිස්සාවේල්ලේ පිපිරීම සිදු වූ යකඩ කම්හල අනාරක්ෂිත වැඩපොළක්

0
අවිස්සාවේල්ලේ පිපිරීම සිදු වූ  යකඩ කම්හල අනාරක්ෂිත වැඩපොළක්

අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ පරණ යකඩ එක්රැස් කරන ස්ථානයක සිදු වූ අද පස්වරුවේ පිපිරීම සිදු වූ ස්ථානය ඉතා අනාරක්ෂිත අයුරින් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

එහි සිදු වූ පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

විමර්ශනවල දී පෙනී ගොස් ඇත්තේ එම ස්ථානයේ තිබූ ඔක්සිජන් ගෑස් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.

මියගොස් ඇත්තේ යකඩ එම ස්ථානයට ගෙනවිත් ඔක්සිජන් ගෑස් ටැංකිය මගින් යකඩ කපන පුද්ගලයාය.

මෙම ස්ථානය ඉතා ම අනාරක්ෂිත ලෙස එම කටයුතු සිදු වී ඇති බවට ද අනාවරණය වී ඇත.

යකඩ ගොඩ ගසා ඇත්තේ ද අනාරක්ෂිත අයුරින් බව විමර්ශකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here