Home දේශීය පුවත් ගඟවට කෝරළ සභාවේ බලය එජාපයෙන් පොහොට්ටුවට

ගඟවට කෝරළ සභාවේ බලය එජාපයෙන් පොහොට්ටුවට

0
ගඟවට කෝරළ සභාවේ බලය එජාපයෙන් පොහොට්ටුවට

එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබුණු ගඟවට කෝරළ ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.

ඒ එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස තෝරාපත්කර ගැනීමත් සමගිණි.

ප්‍රාදේශීය සභාවේ අයවැය පිට පිට දෙවතාවක් සභා සම්මත නොවීම හේතුවෙන් එජාපය නියෝජනය කළ සභාපති සුභාෂ් යටවර මහතාට ව්‍යාවස්ථානුකූලව සිය තනතුර අතහැර යාමට සිදුවිය. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පළාත් පාලන පනතේ බලතල ප්‍රකාරව වැඩ බැලීමට නව සභාපතිවරයෙක් පත්කරනු ලැබීය.

නව සභාපතිවරයෙක් තෝරාපත්කර ගැනීමට ඡන්ද විමසීම ඊයේ පැවැති අතර ඒ සඳහා හිටපු සභාපතිවරයා ඇතුළු එජාපයේ මන්ත්‍රීවරු 08 දෙනෙකු සහභාගි නොවීය.

සභාපතිධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඩී.එම්.ධර්මසේන මහතාගේ නම යෝජනා වූ අතර වෙනත් නාමයන් කිසිවක් ඉදිරිපත් නොවූ බැවින් ඡන්ද විමසීමකින් තොරව ඔහු නව සභාපතිවරයා ලෙස නම් කෙරිණි.

හිටපු සභාපතිවරයා සභාපති කාර්යාලයේ අගුළු දමා යතුරු රැගෙන ගොස් තිබීම නිසා නව සභාපතිවරයාට සිදුවන්නේ දොරගුළු කඩා කාර්යාලයට පිවිස වැඩ ආරම්භ කරන්නටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here