Home උණුසුම් පුවත් ලංවීමට තෙල් දෙන්න ලංකා අයි.ඕ.සී. ය බැහැ කියයි

ලංවීමට තෙල් දෙන්න ලංකා අයි.ඕ.සී. ය බැහැ කියයි

0
ලංවීමට තෙල් දෙන්න ලංකා අයි.ඕ.සී. ය බැහැ කියයි

විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට ලංකා අයි.ඕ.සී සමාගම සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.

අදාල සමාගම විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඩොලර් ගැටළුව තමන්ටද පවතින බැවින් මේ මොහොතේ තම සමාගමේ ප්‍රමුඛතාවය හිමිව ඇත්තේ බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාදීමට බවය.

සිය සමාගම සතුව අතිරේක ඉන්ධන සංචිතයක් නොමැති බැවින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට මේ මොහොතේ නොහැකි බව ලංකා අයි.ඕ.සී. සමාගම දැනුම්දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාද සදහන් කරයි.

සමාගම ඒබව දැනුම් දී ඇත්තේ කොළඹදී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවකදීය.

අමාත්‍යවරයා පවසන්නේ පවතින ගැටළුව ගැන තමා ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සමඟද සාකච්ඡාවක නිරතවූ බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here