Home දේශීය පුවත් උණුසුම් පුවත් බාල කල පොල්තෙල් ඇතැයි සැකපිට කන්ටේනරයක් දඹුල්ලේ දී අත්අඩංගුවට

බාල කල පොල්තෙල් ඇතැයි සැකපිට කන්ටේනරයක් දඹුල්ලේ දී අත්අඩංගුවට

බාල කල පොල්තෙල් ඇතැයි සැකපිට කන්ටේනරයක් දඹුල්ලේ දී අත්අඩංගුවට

බාල කරන ලද පොල් තෙල් සහිත බවට සැකපිට කන්ටේනරයක් දඹුල්ලේ දී තවත් බැරල්වලට පුරවමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.

දඹුල්ල පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකින් ලද තොරතුරක් මත ඊයේ මෙම වැටලීම සිදුකර ඇත.

මෙම පොලිස් ඉල් කන්ටේනරය නවතා තිබී ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් අසලදීය.

මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන ඇත්තේ බාල කරන ලද පොල්තෙල් එහි ඇතැයි යන සැකය මත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

මෙම පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන බව හෙතෙම කීය.

ඒ ඔස්සේ ඉදිරි විමර්ශන කිරීමට දඹුල්ල පොලීසිය කටයුතු කරමින් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here